එන්නත් කරණය ඉදිරියේදී මේ අයුරින් ...

srilanka health keheliya rabukwella
By Nimal Aug 27, 2021 01:41 PM GMT
Nimal

Nimal

Report



වයස අවුරුදු 60 ඉක්මවූ සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම වයස ඉක්මවූ සෑම අයකුගේම දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (27) සවස පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීය.එන්නත් කරණය ඉදිරියේදී මේ අයුරින්  ... | Srilanka Health

අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමු වරට මෙලෙස සාකච්ඡාවක් සඳහා එක්විය. මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තරික පැසසුමට ලක්ව ඇතැයි,ද ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමු වෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය. මෙම ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවත් එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බවත් හෙතෙම පැවසීය.

කොරෝනා මර්දනයෙහි තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත් එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විට සිදු වන කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා අවුරුදු 60 ඉක්මවූ පිරිස් හට පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now