මෙවැනි තරුණයන් රටටම ආදර්ශයක් බව ඇමති සුදර්ශිනී කියයි...

srilanka health sudarsane prenandupulle
By Nimal Aug 27, 2021 04:31 AM GMT
Nimal

Nimal

Report



මල්ටිපැරා මොනිටර්ස් 02ක් නෙබියුලයිසර් 05ක් ඇතුළුව රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබාදීමට ට්‍රෙවොන් මහතා  කටයුතු කරන ලදි.

තරුණයින් සිය උපන්දින සාද පවත්වමින් විනෝදවන සමයක රටේ ව්‍යවසනයට පත්වෙලා සිටින රෝගීන් වෙනුවෙන් සත්කාර කිරීමට මෙවැනි පරිත්‍යාග කිරීම පිළිබදව සිය ස්තුතිය පුදකල රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ ඉතා හොද පණිවිඩයක් රටටත්, තරුණ ප්‍රජාවටත් මේ හරහා ලබාදී ඇති බවයි.  .මෙවැනි තරුණයන්   රටටම ආදර්ශයක් බව ඇමති සුදර්ශිනී කියයි... | Srilanka Health

සිය 19 වන උපන්දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ තොගයක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් ලබාදීමට කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවොන් සිල්වාපුල්ලේ මහතා ඊයේ (26) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේදී පරිත්‍යාග කරන ලදි.

මෙම පරිත්‍යාගය තුළින් ව්‍යවසනයට පත්වී සිටින රෝගීන්ගේ සත්කාර වෙනුවෙන් භාවිතා කිරීමට මනා පිටිවහලක් වන බවයි. එමෙන්ම ඔහුට සුබපැතුම් එක්කිරීමටද අමාත්‍යවරිය මෙහිදී කටයුතු කළාය.

මෙම අවස්ථාවට ට්‍රෙවොන් සිල්වාපුල්ලේ මහතාගේ පියාණන් වන ක්‍රිස්ටි සිල්වාපුල්ලේ මහතා, මව ලක්ෂ්මි කුරේරා මහත්මිය සහ වෛද්‍ය ශිෂ්‍යාවක වන සොහොයුරිය විබෝධා සිල්වාපුල්ලේ මෙනවිය එක්වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now