රෝගී ප්‍රතිකාර සඳහා තවත් ගොඩනැගිල්ලක් (PHOTO]

srilanka health keheliya rabukwella
By Nimal Aug 26, 2021 01:30 PM GMT
Nimal

Nimal

Report

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් අද (26) පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කිසිදු විවෘත කිරීමකින් හෝ උත්සවයකින් තොරව රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ආරම්භ කෙරිණි.රෝගී ප්‍රතිකාර සඳහා  තවත් ගොඩනැගිල්ලක් ( | Srilanka Health

ඉතා දීර්ඝ කාලයක සිට ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගියදා උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව රෝගී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මසක පමණ කාලයක් තුළ එහි වැඩ කටයුතු කඩිනම් කෙරිණි. ඒ සඳහා කිසිදු නිල උත්සවයක් හෝ විවෘත කිරීමකින් තොරව රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් දෙන ලදී.රෝගී ප්‍රතිකාර සඳහා  තවත් ගොඩනැගිල්ලක් ( | Srilanka Health

තට්ටු අටකින් සමන්විත මෙම ගොඩනැගිල්ලෙහි හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් , වාට්ටු සංකීර්ණ කිහිපයක් ශල්‍යාගාර හයක්, හෘද ප්‍රතිකාර ඒකකයක් හා රසායනාගාර කිහිපයකින්ද සමන්විතය. මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමත් සමඟ කොවිඩ් ආසාදිත නොවන රෝගීන් මෙම වාට්ටු සංකීර්ණය සඳහා යොමු කරන බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වන ඉඩ පහසුකම් ඉහළ නැංවීමට හැකිවනු ඇත.රෝගී ප්‍රතිකාර සඳහා  තවත් ගොඩනැගිල්ලක් ( | Srilanka Health

මේ වන විට එම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 200 ක් පමණ වෙන් කර ඇති අතර මේ අනුව ඉදිරියේදී එහි ධාරිතාව 350 ක් ඉක්මවන ප්‍රමාණයකට ගෙන යා හැක. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවා වනිතා ඒකකය එහි නිම කිරීමේ අවසන් අදියර සඳහා රෝහල් ඇඳන්,මෙට්ට සහ ඇඳ ඇතිරිලි ආදිය පරිත්‍යාග කරනු ලැබීය.