ශ්‍රී ලංකාවේ කොව්ඩ් මර්දනයට චීනය රජයේ සහාය ...

srilanka health paviththa wanniarachchi
By Nimal Aug 09, 2021 07:08 AM GMT
Nimal

Nimal

Report

. ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය සහ මර්දනය කිරිම සදහා සහයෝගය ලබාදීමට චීන රජය ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ප්‍රදානයන් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.අද දින (09) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා අතර චීන තානාපති කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මෙම කරුණු දක්වන ලදි.ශ්‍රී ලංකාවේ කොව්ඩ්  මර්දනයට චීනය රජයේ  සහාය ... | Srilanka Health

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහ ශක්තිමත් කිරිමට සියයට 80 ක් පමණ ආවරණය වන පරිදි එන්නනත් මාත්‍රා මෙරටට ලබාදීම රජයට මහත් අස්වැසිල්ලක් වූ බවත්, ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙමින් කොවිඩි ආසාදිත රෝගී ජනතාවගේ ජිවිත බේරා ගැනීමටත්, වෛරසය පාලනය හා මැඩපැවැත්වීමටත් ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට චීන රජයේ සහාය ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පැවසුවාය.

එමෙන්ම දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින අන්තර්ජාතික සබඳතා තව තවත් ශක්තිමත් කරමින් මෙරට කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ සිටම චීන රජය සහ ජනතාව මෙරට කොවිඩ් වෛරසය පාලනය හා මර්දන කටයුතු සදහා සහාය දැක් වූ බවත්, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස චීන රජයට හා ජනතාවට සිය කෘතඥතාවය පළ කරන බව ත් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.