රට රැකියාවලට යන්නන්ට කොවිඩ් මර්දන එන්නතදීමේ විශේෂ වැඩසටහනක්...

srilanka health nimalsiripalada silwa
By Nimal Jul 22, 2021 09:47 AM GMT
Nimal

Nimal

Report

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික  ශ්‍රමිකයන් (8000)අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.රට රැකියාවලට යන්නන්ට කොවිඩ් මර්දන එන්නතදීමේ  විශේෂ වැඩසටහනක්... | Srilanka Health

ඒඅනුවඩුබායි,බහරේන්,ජෝර්දාන්,කුවේට්,ලෙබනන්,ඕමාන්,කටාර්,සෞදිඅරාබිය.සීෂෙල්ස්,සිංගප්පූරුව,දකුණුකොරියාව,මාලදිවයින,මැලේසියාව,ඊඊශ්‍රායලය,සයිප්‍රස්,යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.මෙම සෑම රටක් ම පිළිගන්නා කොවිඩ්  මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර්  එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලු දෙනාට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  බලධාරීන්  මෙහි දී සිය  එකඟ තාවය පළ කළේය.

ඒ අනුවඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයකදී මෙම සියලුම දෙනාට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත්  නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට  අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී සාකච්ඡා කෙරිණ. එසේම මෙම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට මෙම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කෙරිණ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්  වෛද්‍ය  එස්.එච්.මුණසිංහ,කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ ,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ,සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,ඇතුළු නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක් වූහ.