කොවිඩ් මර්දනයට සියළු රාජ්‍ය සේවකයින් එකට එක්විය යුතුයි....

srilanka health paviththa wanniyarchchi
By Nimal Jun 19, 2021 03:39 PM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් ආසාදනය වැඩිවන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබදව සොයාබැලීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් අද දින (19) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අ්‍යකෂවරු, වෛද්‍ය අධිකාරිවරු, විශේෂඥ වෛද්‍යවරු සහ ඊට අදාල රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගිවිය.කොවිඩ් මර්දනයට සියළු රාජ්‍ය සේවකයින් එකට එක්විය යුතුයි.... | Srilanka Health

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල කොවිඩ් රෝගීන් වාර්තා වුනා. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගීන් ඉහළයාම සීඝ්‍රයෙන් සිදු වෙනවා. එබැවින් ගත යුතු පියවර සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් පහසුකම් ඉහළ නැංවීම මෙම විශේෂ සාකච්ඡාවේ අරමුණයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කිරීමට අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. දිස්ත්‍රික්කය විදිහට අප කටයුතු කළ යුතු ආකරයත් සාකච්ඡා කළා. සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමා, දිසාපතිතුමා, ප්‍රධාන ලේකම්තුමිය ඇතුලු සියළු රාජ්‍ය නිලධාරින් සමග එකට එක්ව තමන් සේවය කරන දිස්ත්‍රික්කය කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්.

මේ දිස්ත්‍රික්කය තුළ රෝගය මර්දනය කිරීමේ වගකීම තනිකර සෞඛ්‍ය අංශයට පමණක් ගැනීමට පුළුවන්කමක් නැහැ. සමස්ත රාජ්‍යයේම එකතුවෙන් එය සිදු කළ යුතුයි. කොළඹ ඉදන් මෙම රෝගය මර්දනය කිරීම පහසු කාර්යයක් නොවෙයි. සියළු අංශ එකට එක්ව ඒ ඒ දිස්ත්‍රික්කවල රෝගය පාලන කටයුතු සිදු කළ යුතු වෙනවා.අද ඒ පිළිබදව සියළු දෙනා දැනුවත් කළා. අවබෝධය ලබාදුන්නා. එම සංකල්පය මුළු රටටම ලබාදීමට කටයුතු කරනවා.”

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අකිල් එල්ලාවල මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.