රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී කොස්ගම ප්‍රදේශීය රෝහලේ නිරීක්ෂණයක...

srilanka health sudarsane prenandupulle
By Nimal Jun 02, 2021 06:27 AM GMT
Nimal

Nimal

Report

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ගේ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ලෙස පවත්වා ගෙන යනු ලැබූ කොස්ගම සාලාව ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණයට ලක්කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි පැවති ප්‍රායෝගික ගැටලු රැසක් නිරීක්ෂණයට ලක්කළාය.රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී කොස්ගම ප්‍රදේශීය රෝහලේ නිරීක්ෂණයක... | Srilanka Health

කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් කොස්ගම රෝහල වෙත රැගෙන එනු ලැබූ අතර ඔවුන් රෝහල තුළ පරීක්ෂා කර වර්ගීකරණයකට ලක්කර රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් සෙසු අතරමැදි මධ්‍යස්ථාන වෙතත්, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් ප්‍රධාන රෝහල් වෙතත් සෙසු රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් කොස්ගම රෝහලේ ප්‍රතිකාර කිරීමටත් කටයුතු කළ අතර එවැනි ක්‍රියාන්විතයක් සිදුකෙරෙන ස්ථානයක රෝහල් කාර්ය මණ්ඩලයට සහ සෙසු සේවා සපයන්නන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ පිළිබදව අවධානය යොමු කළ අමාත්‍යවරිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුචිර ගෝරාලගොඩ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමගින් ඒ පිළිබදව සාකච්ඡා කරන ලදි.රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී කොස්ගම ප්‍රදේශීය රෝහලේ නිරීක්ෂණයක... | Srilanka Health

රෝගීන් ඇතුලත් කිරීම, රෝගීන් හැසිරවීම, ප්‍රතිකාර කිරීම, රෝගීන්(සුවය ලැබූ) බැහැර කිරීම යන කරුණු කෙරෙහි මූලික අවධානය යොමුකළ අමාත්‍යවරිය, වැඩිවශයෙන් රෝගීන් වාර්තාවීමත් සමග පවත්වා ගෙනගිය කොවිඩ් මෙහෙයුම් කටයුතු සදහා සුදුසු තත්වයක් කොස්ගම රෝහලේ පිහිටීම අනුව නොමැති ආකාරය නිරීක්ෂණය කල අතර අමාත්‍යවරිය විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සමග ඒ සම්බන්ධයෙන් දුරකනයෙන් සාකච්ඡා කරන ලදි. ඒ අනුව කොස්ගම රෝහලේ පවත්වාගෙන යනු ලැබු කොවිඩ් මෙහෙයුම් කටයුතු හෝමාගම රෝහල වෙත විතැන් කිරීමට තීරණය වී ඇත.

මේවන විට කොස්ගම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 96කි. කොවිඩ් 19 පරාජයට පත්කිරීම සදහා වෙහෙස මහන්සි වූ කොස්ගම රෝහලේ කාර්ය මණ්ඩලයට අමාත්‍යවරිය විසින් විශේෂ ස්තුතියක් පුදකර සිටින ලදි.

මෙම අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහතා ඇතුළු පිරිසක් එක්විය.