කොවිඩ් මර්දනට රතුකුරුසෙන් ප්‍රවාහන පහසුකම්....

health srilnka sunil da alvis
By Nimal Jun 01, 2021 09:22 AM GMT
Nimal

Nimal

Report

කොවිඩ් මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස රතුකුරුස සමාජය මගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ප්‍රවාහන සේවා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

ඒ අනුව රතුකුරුස සමාජය විසින් වියදම් දැරීමේ පදනම මත කොළඹ, කළුතර ,ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි Uber ආයතනය මගින් ගමන් වාර 50,000 ක් ලබා දීමට සිය එකඟතාවය පළ කර ඇත.

රේඛීය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‍මෙන්ම කොළඹ, කළුතර, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන කටයුතු වල නිරත වන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ මධ්‍යම රජයේ රෝහල් වල කොවිඩ් මර්දන වැඩසටහන් වලට සහභාගිවන කාර්ය මණ්ඩල සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පවසයි.

කොවිඩ් මර්දන කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ප්‍රධාන අවශ්‍යතාවයක්ව පැවති ප්‍රවාහන පහසුකම් ලබාදීමට රතුකුරුස සමාජය ඉදිරිපත් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතාට ස්තූතිය පළ කර ඇත.