රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

Government Employee Sri Lanka
By Sithumi Mar 28, 2023 01:46 PM GMT
Sithumi

Sithumi

Report

සැප්තැම්බර් මාසය වනවිට රජයේ සේවකයින්ට දීමනාවක් දෙන බවට ජනාධිපතිවරයා විසින් පැවසූ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

පසුගියදා වෘත්තිකයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඒ බව පැවසූ බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා ගම්පහ ප්‍රදේශයේ අද (28) පැවැති උත්සවයක් අමතමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළා.

"මේ වෙලාවේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තාට ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලයක් තියෙන වෙලාවක තමයි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. අපේ බදු වැඩිකළා කියලා ක්‍රියාමාර්ග ගන්න ආපු මහත්වරුන් ජනාධිපතිවරයා විසින් කැඳවලා අවස්ථා 03කදී පැහැදිලි කළා. මාස 6ක් කල් දෙන්න. IMFලෝන් එක ගන්නකල් ඉන්න. ඒක සමාලෝචනය කරනවා ජුලි මාසයේ. සැප්තැම්බර්. ජුලි මාසය වනවිට අපිට විදුලි බිල අඩුකරන්න පුළුවන්. අහාර ද්‍රව්‍ය මිල අඩුකරන්න පුළුවන්. බදු සහන දෙන්න පුළුවන් ටිකක් ඉවසන්න කියලා.

ඉවසුවේ නැහැ. වර්ජනය කළා. ප්‍රතිඵලයකුත් නැහැ. ඒ අය ඉල්ලුවේ නැති වුණත් ජනාධිපතිවරයා ඒ රැස්වීමේදී ප්‍රකාශ කළා. සැප්තැම්බර් වනවිට අපි රජයේ සේවකයින්ට දීමනාවක් දෙනවාමයි කියලා. එහෙම විෂන් එකක් තියෙනවා. මේ අයටත් අමාරුයි. හැබැයි අපිට වඩා අමාරු කොට්ඨාසයක් පාරේ ඉන්නවා. ගම්දනව්වල ඉන්නවා. ඒ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන ආණ්ඩුවක් විදිහට වැඩකරනවා. අපිත් ඒක තේරුම් අරගෙන වැඩකරන්න ඕනේ. එහෙම නොකළොත් අපිට ඉස්සරහට යන්න බෑ."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now