පොහොට්ටුවේ බහුතරය ජනපති හමුවේ කියූ දේ

By Sithumi Apr 26, 2022 04:50 PM GMT
Sithumi

Sithumi

Report

අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවේ දැනුම් දී තිබේ.

සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් එකතු කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කලේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම සිදු කරන ලද බවත් ඔහු පැවසීය. 

 අද වන විට ජනතාවගේ බහුතර මතය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලුම පිරිස ඉවත් විය යුතු බව නිසා ආණ්ඩුව රැක ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කර ගැනීමෙන් පලක් නැති බවත් ඔහු සදහන් කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now