පොහොර බලාපොරොත්තුවෙන පිරිසට ලැබුණු ආරංචිය

By Sithumi Nov 06, 2022 06:11 PM GMT
Sithumi

Sithumi

Report

යූරියා පොහොර පළමු මුරය සඳහා නිකුත් කරන ප්‍රමාණය හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

 ගොවි ජන නියෝජිතයින් විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සඳහා පියවර ගන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබෙන්නේ. 

  මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබා දීමට නියමිතව තිබුනේ යූරියා පොහොර කිලෝග්‍රෑම් 40ක් පමණයි. අමාත්‍යවරයා අවධාරණය කළේ මීට අදාල චක්‍රලේඛය ලබන අඟහරුවාදා නිකුත් කිරීමට පියවර ගන්නා බවයි