විදෙස්ගත වන සැමට අලුත් රැකවරණයක්....

srilanka foreign dines gunawardana
By Nimal Aug 12, 2021 04:59 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රී ලංකාවෙන් විදෙස් ගතවන වෘත්තිකයන්, ශිෂ්‍යයින්, ව්‍යාපාරිකයන් ආදී සැම ⁣ක්ෂේත්‍රයකටම අයත් පුද්ගලයින් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් බවට පත්කර ගැනීමට රාජ්‍ය ආයතනවල කැපවීම අතිශය වැදගත් වෙන බැවින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ තත්ත්වය අවබෝධ කරගෙන නවක වැඩ සටහන් පසුගියදා හඳුන්වා දීම සතුටට කාරණයක් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු දෙපාර්ශවයේම උසස් නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගිවුහ.  

You may like this video


ReeCha