ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කීරිමක්. ..

srilanka foreign dines gunawardana
By Nimal Aug 05, 2021 10:54 AM GMT
Nimal

Nimal

Report

 ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික, ක්‍රීඩාමය සහ පුද්ගලාන්තර සබඳතා වැනි පුළුල් ක්ෂේත්‍රයන්හි නවසීලන්තය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන දීර්ඝ කාලීන කැපවීම පිළිබඳ සලකුණක් බව නවසීලන්ත විදේශ අමාත්‍ය නනායියා මහුටා මහත්මිය සඳහන් කළාය.

ඉදිරි සතියේදී කොළඹ ස්ථාපිත කිරීමට නියමිත නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දුරකථන සංවාදයකට එක්වෙමිනි. මෙම දුරකථන සංවාදය ඉකුත් 3 වනදා පැවැත්විණි. අපගේ සබඳතා තුළ සාක්ෂාත් කරගත යුතු තවත් බොහෝ විභවයන් පවතින අතර, නවසීලන්තය විසින් එය හඳුනාගෙන ඇති බව මෙම නව මහ කොමසාරිස් කාර්යාලය ආරම්භ කිරීම තුළින් පිළිබිඹු වන බව ද ඇය සඳහන් කළාය.

මෙම මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම මඟින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවය පිළිබඳ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන බව විදේශ අමාත්‍යවරුන් දෙපලම මෙම සාකච්ඡාවේදී පැවසූහ. ශ්‍රී ලංකාව තුළ නවසීලන්තය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පෙනී සිටීම, මෑත කාලයේ දී රටවල් දෙක අතර ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ සුවිශේෂිභාවය තවදුරටත් තහවුරු කිරීමක් වන බව අමාත්‍ය දෙපලම අවධාරණය කළහ.ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කීරිමක්. .. | Srilanka Foreign

“නවසීලන්තය 1950 වසරේ දී කොළඹ ක්‍රමය වෙනුවෙන් කරන ලද පෙර කැපවීම ඇතුළුව, වසර 70කට අධික කාලයක් තිස්සේ අප රටවල් හා ජනතාව යහපත් මිතුරන් වී සිටිමු.” යයි අමාත්‍ය මහුටා මහත්මිය පැවසුවාය. “සංකීර්ණ භූ උපායමාර්ගික ලෝකයක් තුළ අපගේ මාර්ගය හෙළිකර ගනිමින් සිටින විවිධත්වයෙන් යුතු දිවයින්වාසී ජාතීන් ලෙස, ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර බොහෝ පොදු ලක්ෂණ පවතින බවද ඇය සිහිපත් කළාය.” “අප දෙරට භූ උපායමාර්ගික වශයෙන් වඩාත් සංකීර්ණ වූ කලාපයක් තුළ එක්ව කටයුතු කරන” හෙයින් මෙම නව නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම කාලීන පියවරක් ලෙස අමාත්‍ය ගුණවර්ධන මහතා අගය කළේය. එමඟින් ද්විපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීම සඳහා දායක වීම මෙන්ම, ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් ද සහාය වනු ඇති බවට එතුමා විශ්වාසය පළ කළේය.

“ශ්‍රී ලංකාව ආරක්ෂිත, ක්‍රමානුකූල හා විධිමත් සංක්‍රමණ වෙනුවෙන් පෙනී සිටිමින් ඒ සඳහා දිරි දෙන අතර, හැකියාව සහිත නවසීලන්ත ආයෝජකයින් හා සංචාරකයින් මෙරටට පිළිගන්නා බව” ද අමාත්‍ය ගුණවර්ධන මහතා අධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ඓතිහාසික සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ එතුමාගේ දිවංගත පියාණන් වූ පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පදවිය දැරූ 1958 වසරේ දී නවසීලන්ත අග්‍රාමාත්‍ය වෝල්ටර් නෑෂ් මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරය පිළිබඳව ද අමාත්‍ය ගුණවර්ධන මහතා සිහිපත් කළේය. අග්‍රාමාත්‍ය නෑෂ් මහතාගේ මෙම සංචාරයට කොළඹ ක්‍රමය යටතේ නවසීලන්ත රජය විසින් අරමුදල් සපයන ලද ජාතික කිරි මණ්ඩලය සහ දන්ත වෛද්‍ය පුහුණු ආයතනය විවෘත කිරීම ද ඇතුළත් විය.

අගෝස්තු මස 6 වැනි සිකුරාදා අතථ්‍ය ලෙස පැවැත්වීමට නියමිත ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම (ARF) පිළිබඳව ද අමාත්‍ය මහුටා මහත්මිය සහ ගුණවර්ධන මැතිතුමා සාකච්ඡා කළහ. 

ReeCha