ගොවීන්ට ලැබෙන විසිදාහේ ආධාරය..

By Sithumi Nov 03, 2022 04:41 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි යල කන්නය ආරම්භයේදී ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

කාබනික පොහොර මිලදී ගන්නා සෑම ගොවි මහතෙකු සඳහාම හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක් ලබාදීමටත් රජය කටයුතු කරන බව අමත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලා.

  "ඉන්ධන ලීටර් මිලියන 10.6ක් අපිට පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබෙනවා. ඒ ඉන්ධන ගොවීන්ට අස්වනු නෙළීමට නොමිලේ ලබාදෙනවා." 

"ඒ වගේම ගොවීන් සියලුම දෙනාට කාබනික පොහොර ගන්න හෙක්ටයාරයකට රුපියල් 20,000ක මුදලක් අපි ආධාරයක් ලෙස දෙනවා. ගොවියා කැමැත්තෙන් මිලදී ගත්තොත් ඒ ගත්තු සමාගමට තමයි ගෙවීම කරන්නේ."