තරුණියකගේ මුහුණු පොත සොරාගෙන පුද්ගලයෙකු කළ නොමනා ක්‍රියාව.. තරුණියන් පරිස්සමෙන්

By Sithumi Nov 13, 2022 01:35 PM GMT
Sithumi

Sithumi

Report

17 හැවිරිදි තරුණියකගේ මුහුණුපොතේ ගිණුම සොරාගෙන එම ගිණුම භාවිතා කර ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජයට මුදා හැරි පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.

මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් පසු ඔහු එය අලුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන්.  

තමන්ගේ මුහුණුපොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් තිබූ එහෙයින් නැවත එම පුද්ගලයාට පවසා මුහුණුපොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක් ද සක්‍රීය කර ගත් බවට අදාළ තරුණිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. 

දින දෙකක් පමණ ගත වෙද්දී මිතුරියන් රැසක් තම දුරකථනයට ඇමතුම් ලබා ගෙන "මොනාද ඔයා මේ දාලා තියෙන්නෙ පිස්සු වැඩ කරන්න එපා.

ඇයි එහෙම කරන්නේ." ආදී වශයෙන් ඇයගෙන් විමසා ඇත. ඇය මුදලට අලෙවි වන තරුණියක් බව පවසා  මුහුණුපොතේ දැන්වීමක් පළ කර ඇති බවය. සිදුවූ දේ පිළිබඳ කිසිවක් නොදත් අදාළ තරුණිය මිතුරියන්ගෙන් ඒ බව විමසීමේ දී ඔවුන් පවසා ඇත්තේ.

"සෙක්ස් කරන්න කැමතිනම් 3,000 ක් අරගෙන එන්න - මම බණ්ඩාරගම" යනුවෙන් සඳහන් කර වෙනත් තරුණියන්ගේ නිරුවත් පින්තූර කිහිපයක් ද ඇගේ මුහුණුපොත හරහා සමාජගත කර තිබේ. එම වැකිය සහ නිරුවත් ඡායාරූප ද ඇය ජංගම දුරකථනය හරහා ලබාගත් ඡායාරූප සියල්ල ද අදාළ තරුණිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ වැකිය හා ඡායාරූප දැකීමෙන් කම්පනයට පත් තරුණිය පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට ගොස් සිය චරිතයට හානි කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරදෙන මෙන් හඬා වැටෙමින් ආයාචනා කර ඇති අතර බණ්ඩාරගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අනූෂා හේමමාලි මහත්මිය ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් තොරතුරු විමසා ඇගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබා දුන් 20 හැවිරිදි විවාහක පුද්ගලයා පොලීසියට කැඳවා ඇත.

  පසුව ඔහුගෙන් විමසීමේ දී පවසා ඇත්තේ අදාළ තරුණියගේ සහ තම ඥාතීන් අතර ඇති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදුකළ අතර කෝඩින් හැක් කර අදාළ ගිණුම ලබාගෙන තමන් එවැනි නුසුදුසු පෝස්ට් මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කළ බවට අදාළ තරුණයා පිළිගෙන තිබෙනවා ඒ අනුව තරුණිය සිදුකළ පැමිණිල්ල සහ ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නාගේ ප්‍රකාශ සහිතව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පරීක්ෂණ කටයුතු යොමුකළ බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා..