වැඩි මිලට මත්පැන් විකිණු අයෙක් අත්අඩංගුවට.

srilanka exercise capila kumarasingha
By Nimal May 31, 2021 10:56 AM GMT
Nimal

Nimal

Report

කැකිරාව ඉහලගම ප්‍රදේශයේ සුරාබදු බලපත්‍රයක් නොමැතිව සංචරණ නීති නොතකමින් නීති විරෝධී ලෙස මත්පැත්පැන් ජාවාරම් කරන ස්ථානයක් වටලා රුපියල් ලක්ෂයක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ දේශීය හා විදේශීය මත්පැන් මිලි ලීටර් 21,775 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. සැකකරු සතු සිල්ලර වෙළද සැලක්තුළ මත්පැන් ජාවාරම සරුවට සිදු කරගෙන ගොස් ඇති අතර අධික මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කරද්දී වෙස්වලාගත් සුරාබදු නිලධාරීයකු ගොස් මත්පැන් මිලදී ගන්නා අවස්ථාවේ ජාවාරම් කරු කොටු කර ගැනීමට සමත්වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු දැඩි පරිශ්‍රමයක් යොදා වෙළදසැලේ රහස් කුටියක සගවා තිබු මත්පැන් තොගය සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. හැටහැවිරිදි වියේ පසුවු සැකකරු කැකිරාව තිබ්බටුවාව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර සුරාබදු ඇපමත මුදා හැර ඇති අතර ඉදිරියේදී කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිටම නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සහ සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයෙහි සුරාබදු අධිකාරි එච්. එච්. ඩී. ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයෙහි ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන සුමිත්, අකිල රත්මලවින්න, සුරාබදු කෝප්‍රල්වරුන් වන 698 ඉන්දික, 992 සංජය, සුරාබදු නියාමකවරුන් වන 717 නුගේගොඩ, 1141 රමිත, සුරාබදු නියමක රියදුරු අසංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.