ඉහළ පුටු රැසක් පිරුණු පිරිස මෙන්න
By Sithumi
විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයින් දිවුරුම් දී තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දි එම සාමාජිකයින් දිවුරුම් දුන් බවයි.
විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර ඒ අනුව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්රමරත්න මහතා එම තනතුරේ දිවුරුම් දී තිබෙනවා.
මීට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස විශ්රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීන් දිවුරුම් දුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.