මාස 6 භාවිතා කලහැකි පරිසර හිතකාමී ලන්ච්ෂීට් නිපදවයි...
කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ තරුෂි විදුෂිකා රාජපක්ෂ දැරිය විසින් නිපදවා ඇති පරිසර හිතකාමී ලන්ච්ෂීට් නිෂ්පාදනය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පරිසර අමාත්‍යාංශය විසින් ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ලන්ච්ෂීට් තහනම කිරීමේ දී ඒ සඳහා විකල්ප හඳුනාගැනීමේ වැඩ පිළිවෙළ මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
ඒ යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශීෂ්‍යාවක් වන රත්නපුර තරුෂි විදුෂිකා රාජපක්ෂ දැරිය විසින් හඳුන්වා දී තිබෙන පරිසර හිතකාමී ලන්ච්ෂීට් නිෂ්පාදනය අද දින (30) පරිසර අමාත්‍යාංශයේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා අමාතත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට හදුන්වා දෙනු ලැබීය.
මෙම ලන්ච්ෂීට් භාවිතා කිරීමේ දී විශේෂත්වය වන්නේ එකම ආහාර ඔතන කඩදාසිය මාස 03-06 දක්වා කාලයක් භාවිතා කිරීමට හැකිවීමයි. දැනට අප රටේ භාවිතා කරන ලන්ච්ෂීට් එක්වරක් පමණක් භාවිතා කිරීමට සිදුවන නිසා දිනපතා පරිසරයට මුදා හැරෙන ලන්ච්ෂීට් ප්‍රමාණය අති විශාලය. දැනට ගණන් බලා ඇති පරිදි දෛනිකව පරිසරයට මුදා හැරෙන ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවයි. නමුත් තරුෂි විදුෂිකා දැරිය විසින් හඳුන්වා දී ඇති නව නිපයුම මාස 03 සිට 06 දක්වා දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි බැවින් පරිසරයට එකතු වන ලන්ච් ෂීට් ප්‍රමාණය සියයට 90කින් පමණ අවම කර ගත හැකි වේ.
එමෙන්ම මෙම නව නිපැයුම සඳහා මේ වනවිට එම දැරිය විසින් දේශීය හා විදේශීය සම්මාන රැසක් ද හිමි කර ගෙන තිබේ. දැනට මෙම නිෂ්පාදනය සුළු වශයෙන් සිදු වන නිසා එය ජාතික අවශ්‍යතාවය සම්පුර්ණ වන පරිදි පුළුල් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමටත්, එම දැරියට පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයෙන්ද වෙළෙඳ පොළ සම්බන්ධතාවය ලබා දීමටත් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පොලිතීන් හා ප්ලාස්ටික් ඇතැම් නිෂ්පාදන තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යටතේ මෙවැනි විකල්ප හඳුන්වා දීම ඉතාමත් වැදගත් බව පැවසීය. විශේෂයෙන් පරිසරයට එක් වෙන ලන්ච්ෂීට් නිසා පරිසරයට විශාල හානියක් සිදුවේ. එමෙන්ම මහජනතාව විසින් බැහැර කරන ලන්ච්ෂීට්වලින් සියයට 99ක් ම ප්‍රතිචක්‍රියකරණයට ලක් වන්නේ නැති නිසා එම සමස්ත ප්‍රමාණයම පරිසර දූෂණයට හේතුවන බව ලේකම්වරයා කීය.
එමනිසා මෙවැනි දිගු කාලයක් භාවිතා කළ හැකි ලන්ච්ෂීට් හඳුන්වා දීම ද පරිසරයට එක්වන ලන්ච්ෂීට් ප්‍රමාණය අවම කිරීම සඳහා හේතුවන බව ද ලේකම්වරයා පැවසීය.
මෙහිදී එම දැරිය විසින් තම නව නිපැයුම අමාත්‍යවරයාට හා ලේකම්වරයාට පිළිගන්වනු ලැබුවාය.
