ප්‍රතිත්‍රස්ත පනත ගැන මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය
රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදයට පුළුල් අර්ථ කථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීමක් අතර වෙනස හඳුනාගැනීම දුෂ්කර වන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙන්නේ. මේ අතර පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළේ,
"අපි සමහරවිට බණක් කිව්වොත් එහෙම..ඒ බණේ ඇතැම් කොටස් අරගෙන ඒක බරපතළ ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දෙන්නක් හැටියට තීරණය කළොත්..?
ඇතැම්විට අපි දේශපාලන ව්‍යුහය පවා විවේචනය කරනවා ධර්ම දේශනාවලදි." මේ අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට පියවර ගත් බවයි. ඒ නීතීඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන්ට මේ පනත අධ්‍යයනය කර අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සඳහා ප්‍රමාණවත් කාලයක් ඉල්ලා සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස බවද ඔහු පැවසුවා.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය පළ කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිතර වුණු අතර. එහිදී පිරිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට ඊට අදාළ ලිපියක් භාරදුන්නා.
අනතුරුව පිරිස මෙරට ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටද නිහඩ විරෝධතාවයක නිතරවූ අතර පසුව එහි නිලධාරිනියකට ලිපිය භාරදී තිබුණා.
සිවිල් සමාජ එකමුතුව මෙරට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලටත්, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට සහ මෙරට යුරෝපා සංගමයේ කාර්යාලයටත් ගොස් එහි නියෝජිතයින් වෙතද ලිපි භාරදුන්නා.