මැතිවරණ සංශෝධන පනතට එරෙහිව පෙත්සම් දෙකක්

By Sithumi May 08, 2023 03:11 PM GMT
Sithumi

Sithumi

Report

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත පසුගිය 25වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ ව්‍යාපාරික කාන්තාවක් වන ජෙහාන් හමීඩ් මහත්මිය විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පනත් කෙටුම්පත තුළින් 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත්  අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා කර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් බරපතළ ලෙස උල්ලංඝනය වන අතර මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවටද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.  

එබැවින් එම පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ReeCha