දේශීය බිත්තර බරට විකුණන්න සැලසුමක්

By Sithumi Apr 03, 2023 06:10 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේදී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ.

ඒ අනුව හෙට (04) දිනයේ පළමුවෙන් මධ්‍යම පළාතේ දී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

  "අපි තීරණයක් ගත්තා හෙට ඉඳලා බිත්තර කිලෝ ගානට විකුණන්න. ඉන්දීයන් බිත්තරේ ගන්න පුළුවන් නම් බේකරි හිමියන්ට ග්‍රෑම් එකක් ශත 85 ගානේ  හෙට ඉඳලා අපි දෙනවා ග්‍රෑම් එකක් ශත 80 ගානේ.  

පාරිභෝගිකයින්ට කිසිදු ප්‍රශ්ණයක් නෑ. කේක් එකකට ඉන්දියන් බිත්තර 10ක් ඕනේ නම් අපේ බිත්තර දාන්න ඕනේ 6ක් හෝ 7ක්. මධ්‍යම පළාතෙන් අපි මේක පටන් ගන්නවා. ශත 80 ගානේ කිරලා මේ බිත්තර විකුණනවා