පාසල් දරුවන් අනතුරේ.. ආපන ශාලාවක තිබි අයිස් මත්ද්‍රවය සොයා ගැනේ.
By Sithumi
ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව පොලීසිය සිදුකළ වැටලීමකදී අදාළ ආපන ශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්පෙති 38 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ මත්ද්‍රව්‍ය වෙනත් පාර්ශවයක් විසින් රැගෙනවිත් ආපන ශාලාව තුළ තැබුවා දැයි සැකයක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සදහන් කළේ.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)