කෑවුම් ගැන වර්ථමානයේ ආ නවතම හෙළිදරව්ව
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන පුද්ගල මරණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නූතන ආහාර රටාවන් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්ය රවීන්ද්‍ර විතානආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අතීතයේ ශ්‍රී ලාංකිකයා අලුත් අවුරුදු රසකැවිලි සක්සකළ පරිද්දෙන්ම වර්තමානයෙත් කැවිලි සකස් කරන්නේ නම් ඒවා ඉතා සෞඛ්‍යට හිතකර වන බවයි.
රූපවාහිනි වැඩසටහනකදි මෙම අදහස් පළ කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්ය රවීන්ද්‍ර විතානආරච්චි මහතා, "කැවුම් කියන්නේ කුලකයක්. කේක් වගේ. බටර් කේක්, චොකලට් කේක් වගේ.
කෝට්ටේ යුගය වෙනකම් කැවුම් වර්ග 35ක් වගේ තිබිලා තියෙනවා. අද ඉතුරු වෙලා තියෙන්නේ වර්ග 15ක් විතර. ඒකත් පුරාණයේ කාපු කැවුම් නෙමෙයි දැන් කන්නේ." "මුල් යුගයේදී හාල් පිටි, කුරක්කන් පිටි භාවිත කළා. දැන් තිරිඟු පිටි හා හාල් පිටි භාවිත කරනවා. පැණිකාරක විදිහට දැන් භාවිත කරන්නේ සීනි. අතීතියේ තල් පැණි, පොල් පැණි, මී පැණි."
"අතීතයේ භාවිත කළ අමුද්‍රව්‍ය නෙමෙයි දැන් භාවිත කරන්නේ.
පෙනුම කැවුම් වුණාට අන්තර්ගතය කැවුම් නෙමෙයි."
"කිතුල් පැණිවලින් හදන කැවුමකින් දියවැඩියා රෝගියෙකුට කරන බලපෑම අවමයි. ඒකට සීනි දැම්මම වෙනස් වෙනවා."
"ලංකාවේ WHO එක 1996 දී කියනවා.. 2000 දී දියවැඩියා රෝගීන් ගණන 2.9 ක් වෙයි කියලා. 2000 දී කියනවා 2025 දී ඒ ගණන 3.6 ක් වෙයි කියලා. අද 2023 දී දියවැඩියා රෝගීන් කීයක් ඇතිද?."
"මහාචාර්ය කටුලන්දට අනුව ඒ අගය 40% ත් 60% ත් අතර. උපකල්පනය කළා මෙන් 15 ගුණයක් වැඩිවෙලා."