සැකකරුවන් තිදෙනෙකු අත්තඩංගුවට ගත් බිහිසුණු ක්‍රියාව.
ඔක්තෝබර් 21 තලංගම, පැලවත්ත බත්තරමුල්ල ලිපිනයේ පදිංචිව සිටි කාන්තාවකගේ ගෙළ සිර කර ඝාතනය කර දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය ඊයේ (නොවැ. 5) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 38ක් වන තලංගම දකුණ, මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වන අතර සැකකරුවන් සන්තකයේ තිබී මරණකාරියගේ නිවසෙන් සොරාගත් ගෑස් සිලින්ඩරයක්, අත්ඔරලෝසුවක්, විදුලි පන්දමක්, විදුලි ස්ත්‍රික්කයක් හා අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද (නොවැ. 16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව වැඩිදුරටත් සදහන්. එමෙන්ම , ඊයේ (නොවැ. 5) ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේදී අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 40ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු සොරාගත් රන් පැහැති මාලයක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 2ක්, ටැබ් යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, රන් පැහැති වළලු දෙකක්, ඩිජිටල් කැමරාවක්, ලී කපන විදුලි අත් යන්ත්‍රයක්, ඩී.වී.ඩී. ප්ලේයර් යන්ත්‍රයක්, රූපවාහිනී යන්ත්‍ර දෙකක්, පරිගණක මොනිටර් 2ක් ද පොලිසිය සොයා ගෙන තිබේ.
සැකකරු අද (නොවැ. 6) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්කිස්ස පොලිසි. පවසයි.