දේශපාලකයෙකුගේ බිරිඳක් පිහි ඇනුමකට ලක්වෙයි

Fuel Price In Sri Lanka Sri Lanka
By Sithumi Apr 07, 2023 04:55 PM GMT
Sithumi

Sithumi

Report

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්න මහතාගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා.

එම සිදුවීම සිදුවී ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන අලෙවිසැලක් තුළදීයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් අඟල් 05ක් පමණ දිගැති පිහිය ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර පහරකැමට ලක්වූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධියට හේතුව පෞද්ගලික ආරවුලක් බව බේරුවල පොලීසිය සැක පළ කළා