මේ ගැන ඔබත් සැලකිලිමත්ද? රාජ්‍ය නිළධාරින්ට රතු එළියක්.

By Sithumi Nov 04, 2022 02:28 PM GMT
Sithumi

Sithumi

Report

 රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන සියලු මහජන පැමිණිලි ලබා දීමට දුරකථන අංකයක් ලබා දී තිබෙනවා. ඒ 1905 යන කෙටි දුරකතන අංකය බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය නිවේදනය කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් 1905 යන කෙටි දුරකතන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කල හැකි බවයි.

මෙම පැමිණිලි සේවාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අංශය වෙත සෘජුව යොමු කිරීමට හැකියාව පවතිනවා.

රාජ්‍ය නිලධාරීන් යම් අල්ලස් ඉල්ලීමක් සිදුකරන්නේ නම් 1954 කෙටි දුරකථන අංකය හරහා ද ඒ බව සෘජුව අල්ලස් කොමිසම වෙත දැනුම්දිය හැකි බවද එම නිවේදනයේ සදහන් වී තිබේ