බීමත් මිතුරන් පිරිසක් එක්ව පුද්ගල සංවේදි ඉන්ද්‍රියකට වීදුරුවක් ඇතුළු කරයි

By Sithumi Aug 23, 2022 02:55 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ පුද්ගලයෙකුගේ ගුද මාර්ගයේ තිබී විදුරු කැබැල්ලක් ඉවත් කිරීමට වෛද්‍යවරු පිරිසක් සමත්වී තිබෙනවා.

එලෙස ඉවත් කරන ලද විදුරු කැබැල්ල සෙ .මි. 8ක් පමණ විෂ්කම්භයකින් යුත් සෙ .මි. 15ක් පමණ දිගකින් යුත් කැබැල්ලක් බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරත් ප්‍රදේශය මත්පැන් භාවිතය තහනම් වන අතර එහි පැවැත්වූ සාදයකදී මිතුරෙකු විසින් මෙම පුද්ගලයාගේ ගුද මාර්ගයට ඇතුල් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

43න් හැවිරිදි මෙම පුද්ගලයාට උදරයේ වේදනාවක් මෙන්ම මළපහ කිරීමේ අපහසුතාවයක් ඇතිවී තිබෙන අතර කල් යැමේදී ඔහුගේ උදරය පවා ඉදිමීමට ලක්වී තිබු බවයි වාර්තා වෙන්නේ. ඔහුගේ මෙම අසනීප තත්වය මධ්‍යයේ ද තමන් මුහුණ දුන් සිදුවීම ගැන කිසිවක් නොපවසා සිට ඇති අතර අවසානයේදී ඔහුගේ ඥාතීන් විසින් මෙම පුද්ගලයාව රෝහල් ගත කර ඇත. 

 රෝග විනිශ්චය කිරීමේදී මෙම පුද්ගලයා වෛද්‍යවරුන්ට කිසිවක් නොපවසා සිට ඇති අතර අවසානයේදී සිදුකළ X කිරණ පරීක්ෂණයකදී ඔහුගේ ගුද මාර්ගයේ තිබු අසාමාන්‍ය වස්තුවක් නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් රෝගියාගෙන් ප්‍රශ්න කල විට ඔහු තමා මුහුණ දුන් සිදුවීම ගැන ප්‍රකාශ කර ඇති අතර පසුව පුරා පැය දෙකහමාරක සිදුකළ ශල්‍යකර්මයකින් පසු අදාල විදුරු කැබැල්ල පිටතට ගැනීමට වෛද්‍යවරුන් සමත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.