මැච් එකේදි හැමෝම දැකපු.. ලෝකේ වේගවත්ම පන්දු යවන්නා වෙන්න හීන දකින නුවර පොඩ්ඩක් කව්රුත් නොදන්න කතාව..
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ පෙරේදා (11) පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.
එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා සුරැකිව රැගෙන ගිය නායක දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් අවසන් පන්දුවාර 3ට වෙගවත් ලකුණු 54ක් රැස් කරා එහිදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරි ගොස් තිබුන අතර තරගයේ අවසන් තත්පර කීපයේදී තරගය නැරඹූ සියල්ලෝම නොඉවසිලිමත්ව සිටියා. එහිදී කැමරා ඇසට හසුවුණු අපූරු ඡායාරූප කීපයක් සමාජ ජාලාවල පලවී තිබුනා.
ඒ තරග ජයග්‍රහණයත් සමඟ ඉතා උද්යෝගිමත් ලෙස සතුට සමරපු පොඩ්ඩෙක් රැයකින් ලෝකයේ ආදරය දිනාගත්තා. ඔහු නමින් ජෝෂුආ පෙරේරා. ඒ ගැන ඔහු මාධ්‍යයට පවසා තිබුනේ “මට අවුරුදු 10 යි. මම හිතූවේ නෑ ශ්‍රී ලංකාව මේ එක දිනයි කියලා. හැබැයි දසුන් ශානක ඇවිල්ලා හයේ පාරවල් 3 ක් ගැහුවම මම හිතුවා එයා මේක දිනවනවා කියලා. මම තරඟයක් බලන්න ගිය පළවෙනි පාර. නාත්තා කිව්වා ඔයා ජාත්‍යන්තරව ප්‍රසිද්දියට පත්වෙලා කියලා. ඒක දැක්කම මම හිතුවා මම කියලා.
මම වැඩි පුරම කැමති මාලිංගට. වැඩිපුරම ආස පන්දු යවන්න. මම දැනටමත් ක්‍රිකට් පුහුණුවීම් වලට යනවා.ලබන වසරේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම නිකන් ඉන්න වෙලාවට යූටියුබ් එකේ ක්‍රිකට් තරඟ බලනවා. මම ක්‍රිකට් වලින් 161.9ක වේගයෙන් බෝල් කරන්න බලාපොත්තු වෙනවා. බ්‍රෙට්ලී ගේ ඒ වාර්තාව කඩන්න තමයි මගේ බලාපොරොත්තුව.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |