හරක් හොරෙකුට සිදුවූ දේ..

Sri Lanka
By Sithumi Jul 16, 2023 10:35 AM GMT
Sithumi

Sithumi

Report

දැනට දින කිහිපයකට පෙර කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ කළුතර හිල් විදිය මරික්කාර් වීදියේ නිවසක සිටි ගවයකු රාත්‍රී කාලයේ දී එම නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු සොරකම් කොට තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගවයාගේ හිමිකරුදකුණු කළුතර පොලීසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ධම්මික සිල්වා මහතාගේ උපදෙස් පරිදි අවට ආවේක්ෂණ කැමරා නිරීක්ෂණයෙන් අනතුරුව එම සොරකම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අඩු මුදලට මෙම ගවයා සොරකම් කොට අඩු මුදලට අලෙවි කොට හෙරොයින් පානය සඳහා ලබාගැනීමට බලාපොරොත්තුව සිට ඇති බවයි අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ .

එම සොරකමට සම්බන්ධ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.