පරිස්සමෙන්! කොරෝනා හැදිලා මාස 6ක් ඇතුළත මේ ලෙඩ 9 හැදෙනවා

srilanka Chandima jeewandara
By Sithumi Oct 03, 2021 10:54 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි. 

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ. 

එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වාදෙයි. 

මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන අතර දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය අභියෝගය විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසයි.