චීන-ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන එන අලුත්ම කතාව..
By Sithumi
චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබෙන්නේ චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.
වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ හරහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
මේ අතර චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනය සංවර්ධනය වෙමින් පවත්නා රටවලට චීන වෙළෙඳපොළට ඇතුලුවීමට නවෝත්පාදන වේදිකාවක් බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.