එක තානාපතිවරයෙක් එද්දී අනෙක් තානාපතිවරයා ගමන අවලංගු කළේ ඇයි ..?

By Sithumi Aug 27, 2022 03:06 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් මහතා අද(27) මහනුවර සංචාරයක නිරත විය. මේ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාග් බාග්ලේ මහතා ද අද මහනුවර සංචාරය නිරත වීමට තිබුණත් එය අවලංගු කර තිබුණි

. අද පස්වරු 4.00ට පමණ අස්ගිරි මහා විහාරයට පැමිණි ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් මහතා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. පසුව මල්වතු මහා විහාරයට පැමිණි චීන තානාපතිවයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දුටුවේ ය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාග් බාග්ලේ මහතා ද අද(27) මහනුවර සංචාරය නිරත වීමට තිබුණත් පසුව එය අවලංගු කර තිබුණි. මහනුවර ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම සංචාරය අවලංගු වූ බවයි