අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා කරයි..මහ බැංකුව කරන්න යන දේ මෙන්න.
#SriLanka#CentralBank#Restriction-on-Imports
By Aruna
ආනයන සීමා කිරීම තවදුරටත් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත යුතුව ඇතැයි දැනුම් දී ඇති අතර වැඩි වශයෙන් විදේශ ආයෝජන ලබා ගැනීම,අපනයනය ආදායම වැඩි කර ගැනීම,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩු කරගැනීම ඇතුළු තවත් යෝජනා රැසක් මේ සමගම යෝජනා කර තිබේ.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාගත යුතුව ඇතැයි ද දැනුම් දී ඇත. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ලෙස නම් කරමින් මීට පෙර අවස්ථාවකදී මහ බැංකුව විසින් භාණ්ඩ ගණනාවක් ආනයනය අත්හිටුවා ද ඇත.
දැනට වැඩි වශයෙන් ඉතිරි වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන ඒවාය. ඒ අනුව දැන් සීමා කිරීමට නියමිතව ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ යයි මේ මොහොතේ සලකන ඒවාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |