පියවර 12කින් වෙනස් වෙන මෙරට බදු පාලනය..
By Sithumi
බදු පරිපාලනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් රජය විශේෂ පියවර කිහිපයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ2023 වර්ෂය සඳහා වූ අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින්. පළමු පියවරක් ලෙස අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුටම බදු ගොනුවක් විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුන්වාදෙනු ලැබුවද ගොනු විවෘත කරනු ලබන බොහෝ දෙනෙකු බදු නිදහස් සීමාවෙන් පහළ සිටිනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.
මේ හේතුවෙන් ඉහළ ආදායම් උපයන්නන් හඳුනාගැනීම සඳහා සුවිශේෂී වූ ක්‍රියාමාර්ග හඳුන්වාදීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වාදුන් අතර ඒ අනුව බදු පරිපාලනය වර්ධනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන විශේෂ පියවර 12ක් පහතින්.

