ලොව පුරා පැතිර යන වෛරසයක් ගැන ඔබ දැන ගත යුතුම දේ මෙන්න…
By Sithumi
ලොව පුරා කුරුල්ලන් අතරින් වාර්තා වන කුරුලු උණ සිද්ධීන් තුළින් එම වෛරසය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් ඒ තුළින් මිනිසුන්ට ඇති විය හැකි අවදානම අවම මට්ටමක පවතින බව සඳහන් වන්නේ. එමෙන්ම ක්ෂීරපායින් තුළ කුරුලු උණ පැතිරීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත විශේෂඥයින් පවසා ඇත්තේ.
මෙම වසර ආරම්භයේ සිට එහි උතුරු වෙරළ තීරයේ කුරුලු උණ හේතුවෙන් මුහුදු සිංහයන්, පෙන්ගුවින්, Porpoises සහ ඩොල්ෆින් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද පසුගිය සතියේ චිලී රාජ්‍ය ප්‍රකාශ කළා.
බොහෝ ක්ෂීරපායින් ආසාදිත කුරුල්ලෙකු ආහාරයට ගැනීමෙන් වෛරසය වැළඳී ඇතැයි විශ්වාස කරන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂකයින් පවසන්නේ.