ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ... හෙට පිටියට එන ශ්‍රී ලංකා පිලේ 11දෙනා..

By Sithumi Nov 04, 2022 03:22 PM GMT
Sithumi

Sithumi

Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (05) එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා. 

 මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එංගලන්ත පිලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉඩක් නෑ. 

කෙසේ වෙතත් මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය කළහොත් ඔස්ට්‍රේලියානු පිලට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමිනොවනු ඇත.  

ඊට හේතුව වී ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණූ 7ක් ලබාගත්තද, ඔවුන්ගේ දළ ලකුණූ ලබාගැනීමේ වේගය -0.173ක් ලෙස සටහන්වීමයි. එංගලන්තය ප්‍රසාද ලකුණූ 5ක් සහ දළ ලකුණු වේගය +0.547ක් වේ.