ශ්‍රී ලංකා A එක්දින ක්‍රිකට් සංචිතයට මැතිව්ස් කැඳවයි

By Sithumi Feb 13, 2023 02:56 PM GMT
Sithumi

Sithumi

Report
Courtesy: Neth

 සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රි ලංකා A කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 15 දෙනා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එම සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්වීම විශේෂත්වයක්.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද එම සංචිතයට නම් කර තිබෙනවා. එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ සදීර සමරවික්‍රමයි. අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස් පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ප්‍රමෝද් මධුෂාන් එම සංචිතයට ඇතුළත්. 

  දුෂාන් හේමන්ත, මිලාන් රත්නායක, කවිෂ්ක අංජුල, ලහිරු උදාර, නිපුන් ධනංජය සහ සුමින්ද ලක්ෂාන් ශ්‍රී ලංකා A සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වනවා. දෙපිළ අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.  

ReeCha