නිවසේ සිට නිවාඩුත් ගෙන මුදලුත් ලබා ගත් මෙරට අදිකාරියක සේවකයන්..

Sri Lanka
By Sithumi 2 years ago
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 2020 වසරේදී නිවෙස්වල සිට වැඩ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි නිවාඩු මුදල් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.  

මෙම මුදල පෙර වසරට සාපේක්ෂව සියයට 37 ක වැඩිවීමක් බව පෙන්වා පෙන්වා දෙන විගණන නිලධාරීහු එලෙස නිවාඩු මුදල් ගෙවීම විවාදාත්මක මෙන්ම සාධාරණීකරණය කළ නොහැක්කක් බවද සඳහන්.

  කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ නිශ්චිත ප්‍රදේශ කලින් කලට අගුලු දැමීම හේතුවෙන් අධිකාරියේ කාර්ය මණ්ඩලයට නිවෙසේ රැඳී සිටීමටත් නිවෙස්වල සිට වැඩ කිරීමටත් අවසරදී තිබූ අතර මෙපමණ නිවාඩු මුදල් ප්‍රමාණයක් අනුමත කර ඇත්තේ එම කාලසීමාවේදී බව විගණන අංශ පෙන්වා දෙනවා.

  මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය 2019 වසරේදී රුපියල් කෝටි එකසිය තිස් හතරකට වැඩි ලාභයක් උපයා ගෙන තිබූ අතර එය 2020 වර්ෂයේදී කෝටි විසි තුනක් දක්වා සියයට 82.5 කින් අඩු වී ඇතැයි විගණන වාර්තාවේ සදහන්

. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මේ තොරතුරු සඳහන් වනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha