බිළිදෙකුට මරු කැදවූ යතුරු පැදි අනතුර..

By Sithumi Jun 24, 2023 11:06 AM GMT
Sithumi

Sithumi

Report

රිදීමාලියද්ද කිරිහිලිවැල්ල ප්‍රදේශයේ දෙමෝදර වැව ආසන්නයේදි යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් කුඩා දරුවකු මිය ගොස් තිබෙනවා. 

 36 හාවිරිදි පුද්ගලයෙකු තම බිරිද සහ අවුරුදු දෙක හමාරක දරුවාද සමග ඊයේ (23) සවස 1.30ට පමණ තම යතුරු පැදියෙන් කුඹුරට යන අවස්ථාවේදි දෙමෝදර වැවේ ඇල බන්ට් ඒකට ආසන්නයේ බෑවුම් ප්‍රදේශයකදි යතුරු පැදිය පාරේන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර අනතුරින් තුවාල ලැබු තිදෙනා බිබිල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව අවුරුදු දෙක හමාරක දරුවා මියගොස් ඇති අතර යතුරු පැදි කරු සහ බිරිද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසනවා. 

 මේසේ මරණයට පත්ව ඇත්තේ කිනිහිරිවැල්ල ,දීරියගම යල්වෙල පදිංචි ඩබ්ලිව්.ඒම් අසාන් සංදීප අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු වන අතර මෙම දරුවා යතුරු පැදියේ ‌ඉන්ධන ටැංකිය මත හිදුවාගෙන මෙම පුදගලයා යතුරු පැදිය පදවාගෙන ගොස් ඇති අතර අනතුර සිදුවන විට දරුවා විසිවි ඇතැයි මුලික පරික්ෂණ වලින් අණාවර්ණය වු බව පොලිසිය පවසනවා. 

යතුරු පැදි කරුද බරපතල තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රථිකාර සදහා බදුල්ල පළාත් මහා රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පවසන අතර සිද්ධිය සමබන්ධයෙන් රිදීමාලියදද් පොලිසිය පරික්ෂණ පවත්වනවා.