විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට..

By Sithumi Jul 16, 2023 06:22 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය දූපත් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පාසලක වයස අවුරුදු නමයක දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා අද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාර්තාකරු පැවසුවේ යාපනය,කයිට්ස් පොලිසිය විසින් අද එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීයි පොලීසිය විසින් එම  විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

පසුගිය 13 වැනිදා එම පහරදීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්වූ දැරිය ඇගේ මව්පියන් විසින් යාපනය රෝහලට ඇතුළත් කර ඇතැයි ද නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.

දැරියගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත ද පැමිණිළි කර ඇති බවයි වාර්තා වන්නේ.  සැකකාර විදුහල්පතිවරයා යාපනය කයිට්ස් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.