තට්ටුගනන් මෙහෙම බර උස්සගෙන නගින්න පුලුවන්ද.. සිදුවූ සූක්ෂම සොරකම.. (CCTV VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Jul 16, 2023 04:24 PM GMT
Sithumi

Sithumi

Report

වත්තල කුඩාඑදන්න මාර්ගයේ නිවසක අද (15) උදෑසන ගෑස් සිලින්ඩර සහ පා පැදි සොරකමක් සිදුව තිබෙනවා.

මෙම ප්‍රදේශයේ දිගින් දිගටම සොරකම් සිදු වන අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළද, ඊට සාධාරණ විසදුමක් ලැබී නැහැ.

කෙසේ වෙතත් අද දින සිදු වූ සොරකම අදාළ නිවසේ සහ අවට සවි කර තිබූ CCTV කැමරා වල සටහන් වී ඇති අතර එමගින් හෝ ඊට ආදාල සොරුන් පොලිසිය විසින් සොයාගනු ඇති බවත්, මින් පසු එම ප්‍රදේශයේ සිදු වන එවැනි සොරකම් සම්බන්ධයෙන් පොලිසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් කුඩාඑදන්න ප්‍රදේශයේ ජනතාව අපේක්ෂා කරනවා.

අදාළ සොරකමට පැමිණි පුද්ගලයා නිවසේ තාප්පයෙන් පැන පිරවූ ගෑස් සිලින්ඩර දෙකක්, පා පැදියක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොරකම් කරගෙන යන ආකාරය නිවසේ සහ ඒ අවට සවි කර තිබූ CCTV කැමරා වල සටහන් වී තිබුණේ මෙලෙසින්,