අග්‍රාමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි..

By Sithumi Jul 11, 2023 04:59 PM GMT
Sithumi

Sithumi

Report

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ ස්ථාවර රජයක් පත්වන තුරු පමණක් තමන් තාවකාලිකව බලයේ සිටින බවයි.

2014වසරේ දී තායිලන්තය දේශපාලන වශයෙන් අස්ථාවර වුණා. එහිදී එරට හමුදාව විසින් බලය අල්ලාගත් අතර හමුදාපතිධුරය හෙබවූ Prayuth Chan-ocha අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා.

අනතුරුව 2019 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වූ Prayuth Chan-ocha ඉන් විශිෂ්ට ජන වරමක් හිමිකරගනිමින් යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර Prayuth Chan-ocha මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවෙනවා.