ප්‍රවාහන සේවා නංවාලීමට අගමැති සහාය ඉල්ලයි
By Sithumi
ෂැංහයි සහයෝගීතා සංවිධාන වෙළඳ හා ආර්ථික බහුකාර්යය අංශයේ (SOC-TEM ) නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටින්නේ දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ඇති කර ගැනීමේ ක්‍රම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු අතර නවීන තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන සේවා නංවාලීමට ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙසයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමග අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වෙළඳ කටයුතුවලට පිවිසීමට ශ්‍රී ලංකාවට ඊ-වාණිජ්‍ය මොඩියුල පහසුකම් සලසන ලෙස ද අගමැතිවරයා නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටි බවයි.