ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට අදහස් හා යෝජනා ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
Sri Lanka
Department of Prisons Sri Lanka
By Sithumi
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබන මැයි මස 31 වනදා දක්වා යොමු කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ මහජනතාවට, සිවිල් සංවිධානවලට තම යෝජනා හා අදහස් යොමු කිරීමේ හැකියාව පවතින බවයි.
අදාළ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා justicemedia07@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව සඳහන්. එම යෝජනා හා අදහස් සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |