8 දෙනෙකු රෝහල් ගත කළ කොළඹ වෙඩි තැබීම

By Sithumi May 01, 2023 05:20 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී එහි පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු කළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා කොළඹ වරායේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

  වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

  කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

  අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.