රිය අනතුරකින් බිළිඳෙක් මිය ගිය පුවත..
By Sewvandhi
පුද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ඉතා අවාසනාවන්ත ලෙස මාස 06ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබෙනවා.
ඊයෙ (12) සවස මහව අටවරල ප්‍රදේශයේ දී එම අනතුර සිදුවී තිබුණු අතර බිළිඳාගේ මව, තවත් කාන්තාවක් සහ එක් පුද්ගලයෙකු අනතුරෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහල්ට ඇතුළත් කර තිබෙනවා
කුරුණෑගල සිට මහව බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ මහව සිට දළදාගම දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා.