සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර..(VIDEO)

By Sithumi Apr 13, 2023 11:43 AM GMT
Sithumi

Sithumi

Report

සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. අද (13) දහවල් කාලයේදීයි අනතුර සිදුවී ඇත්තේ.

දොඩන්දූව රෝහණ විද්‍යාල හරස් මාර්ගයේදීයි මාතර සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ එම මෝටර් රථය ගැටී ඇත්තේ.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ හිමිනමක් සහ රියදුරු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

භික්ෂූණ් වහන්සේ දානමය පිංකමකට සහභාගීවීමට ගමන්කරන අතරතුර මෙම අනතුර සිදුවී ඇති අතර මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය අක්‍රියව පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.