යුද්ධය නිසා පලා ගිය සරණාගතයින් දෙදෙනෙක් තම රටට මුදල් දීමේ සැළසුමක

By Sithumi Apr 11, 2023 12:48 PM GMT
Sithumi

Sithumi

Report

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය හේතුවෙන් එක්සත් රාජධානියට පලා ගිය යුක්‍රේනයේ සමරිසි (LGBT) කාන්තාවන් දෙදෙනෙක් වසරකට පසුව ඔවුන්ගේ විවාහ මංගල්‍යය එරටදී පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

  යුක්‍රේනයේ සමරිසි විවාහ පිළිනොගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙම යුවළ ඩර්බිෂයර් හි රිප්ලි නගර ශාලාවේදී පැවති විවාහ උත්සවයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා ඇත්තේ “එය අපේ සිහින සැබෑ වීමක්,අපට අවශ්‍ය වූයේ ඉතා කුඩා උත්සවයක් ,අපේ උත්සවය නගරාධිපති කාර්යාලයේ තිබ්බා. 

අපේ යාළුවෝ එතන හිටියා. ඒ අය මේ දවස අපිට විශේෂ දිනයක් කළා.” යනුවෙනුයි. යුක්‍රේනයේ පවතින යුද්ධය වෙනුවෙන් තම මුදල් පරිත්‍යාග කිරීමට මොවුන් සැළසුම් කර ඇති බවත් අවසානයේ තම මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.