තරුණියගේ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි..

Sri Lanka
By Sithumi Apr 07, 2023 02:31 PM GMT
Sithumi

Sithumi

Report

පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී අද (07) ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැස සහිත බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියක් පෙර පාසලේ සංවිධාන කෙරුණු අවුරුදු උත්සවයට සහභාගීවීම සඳහායි අද උදෑසන ඇය නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ.  

නමුත් නිවසින් බැහැරවී මීටර් 750 ක දුරක්වත් ඇයට යන්නට හැකිවී නොතිබුණා. දියණිය නිවසින් පිටවී කෙටි වෙලාවකින් ඇයගේ පෙම්වතා දුරකථන ඇමතුමක් ලබාදී අංජලීට අනතුරක් සිදුවී ඇති බවට පැවසු බවයි එම සිද්ධිය සම්බන්ධයෙන් අංජලීගේ මව පැවසුවේ.

  "ගෙදරින් ගියේ 7.15 ට විතර. මෙයා යාලුවෙලා ඉන්න පුතා කෝල් කළා, අම්මා මගට යන්නකෝ අංජුට මොකක්හරි කරදරයක්. මාලේ දෙන්නම් කියලා කියන එක විතරයි මට ඇහුණේ ගිහින් බලන්න කියලා කිව්වා."

 "පරණ සම්බන්ධයක් තිබ්බා. මම නිතර නිතර අහනවා එයාගෙන් කරදර මොකුත් වෙනවද කියලා. මට කියලා නම් නැහැ" බරපතළ තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉලුක්තැන්න රෝහල වෙත රැගෙන ගොස් තිබුණ ද ඉන් කෙටි වේලාවකට පසු අංජලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

  පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශ නිලධාරීන් විමර්ශන සිදුකරන අතර ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසනවා. ඇගේ රන් මාලය ගලවා ගැනීමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක සහිත බවයි අංජලිගේ සහෝදරිය පැවසුවේ. "ෆෝන් එකෙන් අපිට ඇහුණේ චේන් එක දෙන්නම් පිහියෙන් අනින්න එපා කියලා. ඒ නිසා අපිට හිතෙන්නේ හොරෙක්.. එක්කෝ මෙයාට පිහියෙන් ඇනලා තියෙනවා කියලා"