හෙට 12.12 ට වෙන දේ මොකක්ද ? කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙන් නිවේදනයක්

Sri Lanka Climate Change
By Sithumi Apr 07, 2023 12:38 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (08) දිනයේ දහවල් 12.12ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙම්මුල්ල, තිහාරිය, පුපුරැස්ස, තෙරිපැහැ, වඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශවලට එලෙස හිරු මුදුන් වන බවයි. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමෙන්, සූර්යයා අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි .

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now